20වන සංශෝධනය පාර්ලිමේන්තුවට

20වන සංශෝධනය පාර්ලිමේන්තුවට

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අදාළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (05) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා විසින් ස්ථිර කරන ලදී.

මෙම සංශෝධන කෙටුම්පත පසුගිය මැයි 25වනදා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම විසින් කතානායකවරයා වෙත භාර දුන් අතර ඉන් පසු එය නීතිපතිවරයා වෙත යොමු කරනලදී. නීතිපති විමර්ශනයෙන් පසු එය ගැසට් කළ අතර ඉන් පසු මෙසේ අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව ඉදිරියේදී මීට අදාළ විවාද පැවැත්වීම ඇතුළු කටයුතු සිදුවනු ඇත.

Facebook
Twitter
LinkedIn