ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්සවීමේ ක්‍රියාවට එරෙහිව රටේ සියලු ජනතාවගේ අප්‍රසාදය මේ වනවිට එල්ල වෙමින් පවතී.
අද බදුල්ල නගරයේ සියළුම ජන කොටස් ඒකරාශී වෙමින් ඌව මහ ඇමතිගේ මෙම ක්‍රියාවට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් දියත් කර තිබිණි. මෙම සිදුවීමේදී විදුහල්පතිවරිය දෙමළ වීම නිසාත් බදුල්ල ප්‍රදේශය ආශ්‍රිතව දෙමළ ජනයා උසිගැන්වීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා ආණ්ඩුවට සම්බන්ධ එක්සත් ජාතික පක්ෂ දේශපාලඥයින් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
එමෙන්ම චාමර සම්පත් දසනායක මහ ඇමතිවරයා විසින් මේ වනවිට සිංහල ජනයා දෙමළ ජනයාට එරෙහිව උසිගැන්වීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද වාර්ථා වේ. ඒ අනුව හෙට විරෝධතාවයක්ද සූදානම් කර ඇත.
මේ අතර මහ ඇමතිවරයා විසින් ලිපි ලබා දී තිබුණේ දෙමළ බාලිකාවට මුස්ලිම් සිසුවියන් දෙදෙනෙකු ඇතුළත් කර ගැනීමට වීම නිසා මුස්ලිම් ජනතාවද සිකුරාදා පල්ලි වසා දමා උද්ඝෝෂණයකට තල්ලු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවද වාර්ථා වේ.
මේ අතර අප කළ විමසුමකදී ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සඳහන් කර සිටියේ, “මේ කිසිඳු ජන කොටසකට සිදුවූ අසාධාරණයක් නොවෙයි. පොදුවේ දේශපාලඥයින් රාජ්‍ය සේවකයන්ට කරන තක්කඩි බලපෑමක්. මෙම තක්කඩි බලපෑම නැවැත්වීම සඳහා සියළු දෙනා එකාවන්ව පෙළගැසිය යුතුයි. එලෙසින්ම ප්‍රශ්ණය වෙනත් දිශාවකට හරවා තම පටු අරමුණු වෙනුවෙන් බදුල්ලේ සිංහල, දෙමළ, මුස්ලිම් සමඟිය භේද බින්න කිරීමට විවිධ දේශපාලඥයින් කටයුතු කරනවා නම් එය පරාජය කිරීම සඳහා බදුල්ලේ සියලු ජනතාව සමඟ එක්ව කටයුතු කරන්න අපි කටයුතු කරවා.” යනුවෙනි.










