ඩී. බී. ඇල්කඩුව
රට වෙනුවට ශී‍්‍ර.ලං.නි.පක්ෂය තෝරා ගැනීමට යාම නිසා මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ ජනතා අප‍්‍රසාදයට පත්වීමෙන් ජනාධිපති ‘මෛතී‍්‍ර’ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. රටතුළ ඔහු ජනාධිපති කරවීමට ඡුන්දයදුන් ලක්ෂ 62ක් වූ ජනතාව හා ‘මෛතී‍්‍ර’යහපත් නායකයෙකු ලෙස සහතික නිකුත් කළ විදෙස් රටවල් බොහොමයක නායකයන් අද මෛතී‍්‍ර දෙස බලන්නේ සැකයෙනි. විමතියෙනි. පිළිකුලෙනි. මහා වීරයෙකු සේ ශී‍්‍ර.ලං.නි.ප.ය අතහැරදමා ජනතා අභිලාෂයන් ඉටුකිරීමට, යහපාලනයක් ජනිතකරන්නට ජනපතිවු ”මෛතී‍්‍රපාල”රටේ බහුතරයක් ජනතාව නිර්දය ලෙස පාවාදී ප‍්‍රතිවාදීන් හා සුරතල්වීමට, ඩීල් ගැසීමට, යහන්ගතවීමට යෑමේ ප‍්‍රතිඵල නුදුරේදී ම ඔහුටම අත්විඳීමට සිදුවන අතර, මෙරට දේශපාලන ඉතිහාසයේ දේශද්‍රෝහී මහා පාවාදෙන්නා ලෙස සඳහන් වනු ඇත.
දැන් වියයුතු සියලූ දේ සිදුවී අවසානය. ”සුසිල්, අනුර, නිමල් මේ දේවල් කළේ. පක්ෂයේ ලේකම්ට තමයි බලය තිබෙන්නේ මම මොනවා කරන්නද?”යයි කියමින්, දැන් මොන ප‍්‍රකාශයක් කළත්, මෛතී‍්‍රගේ දේශපාලන ගමන අවසාන වී තිබේ. එදා මහින්ද හා වහල් හොර ?න මෛතී‍්‍රගේ පණනැති බව, අවලංබව හා නොහැකියාව ගැන කී කතා සත්‍ය වී තිබේ. දැන් ඉතිං මහින්ද වතුර බෝතලයක් එවුවත්, පොළොවයට අඩි 6ක් වෙත යැවූවත් මෛතී‍්‍රට අනේ ! අපොයි ! කියන්නට කිසිවෙකු නොමැති තරම්ය. අදවන විට එදා විජේරාම නිවසේදී කාමරයට කැඳවාගෙන ‘මෛතී‍්‍රට’වේදිකාවේ කරන කතා කියාදුන් ‘පරණවිතාන’ද ඔහු අත්හැර ගොස්ය.
එදා ජනවාරි 08වන දින ජනතාව පරාජය කර ‘මැදමුලනට’යැවූ රාජපක්ෂවරු හා ‘වහල් හොර ?න’යළි අවදිවී තිබේ. දැන් විමල් වීරවංශලා, ඩලස්ලා, වාසුලා, තමන්ගේ ‘ලණුව කෑම’ගැන මෛතී‍්‍රට ස්තුතිය පුදකරති. දැන් දෙයියනේ කියා තමන්ගේ රැහේ අය 30 – 40ක් පාර්ලිමේන්තුවට යවා ගත්තොත් වැඬේ ගොඩය. කළ හොරකම් අහුවේගෙන යන විට ‘හිරේයාවිදෝ’ යයි බියවී සිටි පිරිස අද සිනහ වෙති. තමන්ගේ ‘හොර නායකයා’තමන් රකින බව ඔවුන්ට විශ්වාසය. පසුගිය මාස 5 – 6 පන්සල්ගානේ පූජාතියමින් ගියත් ‘මහින්ද තැනකට යවාගත්තොත් පරණ සෙල්ලම් යළි කළ හැකි බව ඔව්හු දනිති. ‘කුඩු, එතනෝල්, ගංජා ජාවාරම්කරුවෝ එසේ සතුටුවන විට පාතාලයේ අය සැ`ගවූ ආයුධ පොලිෂ් කරති. මහින්දගේ පාලනයෙන් සැප ලැබූ රාජ්‍ය නිලධාරී පිරිසද පාට- පාට ‘ටයිපටි’සූදානම් කරති. මෙවර මැතිවරණයේදී රාජපක්ෂවරු හා වහලූන් පිරිස සැ`ගවූ මුදල් කෝටි ගණනින් වියදම් කරනු ඇත. මේ මැතිවරණය තීරණාත්මකය. මහින්දටත් අපේක්ෂකත්වය පමණක් නොදුන්නේ යයි කියා කීවද, 80 – 90 තරම්වූ සන්ධානයේ ‘හොරු’සිටින්නේ මහින්දගේ වහල් සේවයේය. මහින්ද නැති ශී‍්‍ර.ලං.නි.ප.යක් ඔවුන්ට නැත. මහින්ද නැති රටක් නැත. පසුගියදා ඇමතිකම් ලබා මහින්ද ගැන නොයෙකුත් දේ කියූ, ‘මේ ගැනත් හිතන්නට’පොත් ලියූ, එස්.බී. අද කට ඇරගෙන හිනාවෙන්නේ මහින්දටය. ඇමතිකම් ලබාගෙන ‘දූෂණ’වසාගත් ලක්ෂ්මන් යාපා වැනි අය අද මහින්දගේ ගුණ ගයති. මේ රටේ බලූ දේශපාලනයේ හැටි එහෙමය.
පල්ලම් බැසීම
සිය දේශපාලන ජීවිතයට මං පෙත් විවරකළ ‘හම්බන්තොට’ජනතාව අමතක කර කුරුණෑගලට පැනීමට මහින්දට හේතු තිබේ. තමන්ගේ හොරමුලේ ජොන්ස්ටන්, ටී.බී, අනුර යාපා, ජයරත්න, දයාසිරි ඇතුළු බොහෝ දෙනෙකු ඉන්නේ කුරුණෑගල දිස්ති‍්‍රක්කයේය. මේ සියලූ දෙනාගේ උපකාරයෙන් ඡුන්ද ලක්ෂ 3ක් 4ක් මහින්දට ලබා ගැනීම අමාරු නොවේ. මේ අතර, ඒ ඒ දිස්ති‍්‍රක්කවල සන්ධානයේ අපේක්ෂකයන්ගේ රැුස්වීම්වලටද මහින්දට ආරාධනා ලැබෙනු ඇත. කණ්ඩායම් නායකකම ඉබේම ඔහුටය. ඊළ`ග අපේක්ෂාව අගමැතිවීමය. කෝටි ප‍්‍රකෝටි ගණන් මුදල් දී ඇමැතිකම් දී මන්තී‍්‍ර පිරිස තමන් වෙත නම්මවාගෙන ‘අගමැති’වීමේ ‘සිහිනය ද සැබෑ කර ගැනීමට සැලසුම් දැනටමත් සූදානම් වී ඇතුවාට සැක නැත. ඊළ`ගට ඇත්තේ සුළු වැඩකි. සිය බහුතරයේ පිහිටෙන් ‘දෝෂාභියෝගයක් හෝ වතුර බෝතලයක් යවා ‘රජමැඳුරටම’ගිය හැක. මේ සියල්ලට මග පාදා දුන් මෛතී‍්‍රට සිදුවෙන්නේ එදා මෙන්ම ‘බම්බු ගැසීමටය’. මහින්දගේ මැතිවරණ ප‍්‍රකාශයද දැන් සූදානම්ය. ශී‍්‍ර. ලං. නි. ප.යේ නායකයා යැයි කියන ජනපති මෛතී‍්‍රට ඉදිරි ගමනට ප‍්‍රකාශනයක්වත් නැත. මේ පාර ‘මහින්ද හා වහලූන් ?න’බලය ඉල්ලන්නේ නවීන දේශයක් ජනතාවට දීමටය. අපේ රටේ ජනතාව ‘අදීන’කිරීමටය. ‘සුහද සමාජයක් ඇති කිරීමටය. ජනාධිපති වී අවුරුදු 9ක් බලයේ සිටි මහින්දට හා ඇමැතිකම් 106ක් පමණ දරමින් පවුල් පාලනයේ යෙදුන මේ පිරිසට ඒ යුගයේ කළ නොහැකි වූ දේ කිරීමට යළි බලය ඉල්ලන්නේ රෙදි ඇඳගෙනය.
ශී‍්‍ර.ලං.නි.ප.යට, සන්ධානයට, ‘ජාතිවාදය’නොමැතිව, ‘හොරු’නොමැතිව බලයට ඒමට හෝ රට පාලනය කිරීමට නොහැකි බව මෛතී‍්‍ර ජනපති හොඳින්ම මෙවර ඔප්පුකර තිබේ. දැන් මෙවර මැතිවරණය මෙහෙයවන්නේ ‘බැසිල්ය’. රහස් මෙහෙයුම් ගෝඨාගෙන්ය. අපටත් හිත් රිදවීම් වුණා කියමින් මෛතී‍්‍රගේ අත පත ගෑ චමල් අයියා දැන් ‘හිරිකිතයක්’නැතිව මල්ලි රජකිරීමට ඡුන්දය ඉල්ලනු පෙනේ. ”අපි අල්ලන්න අම්මයි, මල්ලියි බේරන්න”කියමින් බියෙන් සලිත වී සිටි නාමල් යළි සුරේකලා, ජානක, වර්ණ ශී‍්‍ර ලා හා වැඩ අරඹනු ඇත. මහින්ද තැනකට යවා ගත්තොත් හොර රැුළගේම හොරකම්, ඝාතන සියල්ල යටයනු ඇත. මියෙම්වා, රැකෙම්වා යයි හිතා පරාජය මැද්දෙන් මහින්ද යළි දේශපාලනයට ප‍්‍රවිෂ්ට වීමේ රහස එයයි. අද මහින්ද සම`ග රට ‘නවීන දේශයකට’ඇදගෙන යන්නට ද`ගලන ඩලස් ලා, විමල් ලා එදා ජනතාව පිට බදු පටවමින් දේශයට ආශ්චර්ය උදා කළ හැටි අමතක නොවේ. ඒ වහලූන් පිරිස සිය හදවතට තට්ටුකර ඇසුවොත් සත්‍ය ඇසිය හැක. ‘මහින්දගේ’පවුලේ සැමටම වහල්වෙමින්, මොන බලූ වැඬේ කළත් වචනයක් කතා කිරීමට ඉඩ නොලැබුණ බව ඔවුන්ට හදවත කියනු ඇත. රාජපක්ෂවරු ලෝකයේ හොඳම සුපිරි ආහාර බුදිද්දී තමන් කෑවේ ‘කටුබව’හදවත කියනු ඇත. සත්‍ය එසේ වුවද, කළ හොරකම්වලින් බේරීමට මහින්ද හැර වෙන ගැලවුම්කරුවෙකු නොමැත.
රාජ්‍ය දේපළ හොරකම් කරන අය ඊළ`ග ආත්මයේ බල්ලන් හා කපුටන් වී උපදින බව නිශ්ශංක මල්ල සෙල්ලිපියේ සඳහන් වන බවත්, ඒ ජනාධිපති කාර්යාලයේ හා සියලූ රාජ්‍ය ආයතනවල ලියා ප‍්‍රදර්ශනය කිරීම යහපත් බවත්, ප‍්‍රකාශ කළේ ජනපති මෛතී‍්‍රය. ඒ එසේ නම් මහින්ද පවුලේ අය හා හිටපු මැති-ඇමැතිවරු සියයකට ආසන්න පිරිසක් ඒ බවයන් දෙකෙන් එකක උපත ලැබීම ඒකාන්තය. හොරුන්ගේ නායකයා වී හොරු ආරක්ෂා කළ නායකයාට යළි දේශපාලනයට පිවිසීමට අවකාශ සලසා දුන් ජනපති මෛතී‍්‍ර ඊළ`ග ආත්මයේ උපදින්නේ මොකාවෙලාදැයි සොයා බැලිය යුත්තේ සෙල්ලිපියේ ඒ සඳහන් නොවන හෙයිනි.
අතහැර යාම
දැන් මැතිවරණය ඇරඹී තිබේ. දැන් ‘මහින්ද යළි ළමයින් උඩ දමනු ඇත. බුරිවලට අනිනු ඇත. කාපට් මාර්ග හදන්නට නැව් නොඑන වරායවල්, ගුවන් යානා නොඑන ගුවන් තොටුපළවල් හදා නවීන දේශයක් හදන්නට පොරොන්දු දෙනු ඇත. බස් දමා සෙන`ග ගෙන්වාගෙන වවුල් සෙයියාවෙන් දෑත ඔසවමින්, වනමින් ජනතාව අමතනු ඇත. ඩලස්ලා අමුතු වචන සෙට් සොයා සැලසුම් හදනු ඇත. මහින්දගේ වටේ සිටි කේවට්ට පිරිස සිය වහල් සේවය අරඹනු ඇත. වසර 9ක් වහල් මානසිකත්වයට හුරුවූ අපේ මිනිසුන්ද, ‘චෞරයෙකුට’රජෙකු යැයි රැවටී ඡන්දය දෙති. ඇත්ත නොදකිති.
මීළඟ සැප්තැම්බරයේදී ජිනීවා මානව හිමිකම් කොමිසමේ තීරණය එළිදැක්වේ. ඊට පෙර මෙරට තුළ පරීක්ෂණ යාන්ත‍්‍රණයක් හදා, පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට මෛතී‍්‍ර පාලනය‘පොරොන්දු වී තිබේ. දැන් මෛතී‍්‍ර- රනිල් දීගය අවසන්ය. මේ පරීක්ෂණ කොමිසම පත්කිරීමට කාලයක් දැන් නොමැත. සිදුවන්නේ ජිනීවා චෝදනාවලට මහින්දට පමණක් නොව මෛතී‍්‍රටද මුහුණ දීමටය. දැන් ඒ දෙදෙනාම සිටින්නේ එක බෝට්ටුවේය. එදා වැඩබලන ආරක්ෂක ඇමැති වූ ‘මෛතී‍්‍ර’ට පමණක් නොව මුළු රටටම ඒ විපාකවලට මුහුණදීමට ද සිදුවෙනු ඇත.
වසූරිය වැළඳුන පුද්ගලයෙකු අතහැර යන්නාක් මෙන් ‘මෛතී‍්‍රට’ආදරය කළ ඡුන්දය දුන් දේශපාලඥයන් ඔහු අත්හැර යමින් සිටිති. හදවතට අවංකව හෝ වැල යන අතට මැස්ස ගැසූ මැති-ඇමැතිවරු විශාල පිරිසක් අද වික්ෂිප්ත වී සිටිති. තිලංග, ලලිත්, ශාන්ත බණ්ඩාර, සියඹලාපිටිය ආදී පිරිසක් මානසික පීඩාවට ලක්වී සිටිති. අද සන්ධානයේ 80-90 ක් ප‍්‍රමාණයම විවිධ මට්ටමේ හොරකම්, දූෂණ, වංචාවලට අයුතු ධනය ඉපැයීම්වලට ජාවාරම්වලට සම්බන්ධ වූවන්ය. හොඳ දේශපාලනඥයන් අතලොස්සටද අර මජර දේශපාලනයට බැස, හොරු – දූෂිතයන් හා එක්ව ජනතාව ඉදිරියට යාමට සිදුව තිබේ. එදා ප‍්‍රසිද්ධියේ මම වැරදි කළා, දූෂිතයන්, වංචනිකයන් ආරක්ෂා කළා, නීතිය කි‍්‍රයාත්මක කළේ නැහැ. ඒ පව් මම අද ගෙවනවා කීවේ නිවැරදි නොකළ මහින්ද මහරජාණෝය.
පසුගිය දිනක ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක ප‍්‍රකාශකළාක් මෙන් අපේ ජනතාව බලන්නේ දිනන්නේ කවුද කියාය. ළමයා පාසලට දා ගැනීමට ලියුමක්, රැකියාවකට ලියුමක්, වැලි ටිකක් ගොඩදා ගැනීමට ලියුමක්, කසිප්පු ඇල්ලූ විට පොලිසියට කතා කරන අයෙක්, ඉඳිකටුවේ සිට යතුරු පැදිය දක්වා අල්ලසක් ආදී වශයෙන් තමන්ට පමණක් වාසි ගෙනදෙන අපේක්ෂකයෙකුට ඡන්දය දීම බොහෝ විට දැන් සිදුවේ. රටට සංවර්ධනයට, තිරසාර සැලසුම් ජනතාවගේ ආර්ථිකය ප‍්‍රායෝගිකව සරුකරන සැලසුම්, කුල-මල, පන්ති භේද, ජාති-ආගම් භේද නැති සමානාත්මකව සලසන, ජවිපයේ කි‍්‍රයාකාරකම් කැපකිරීම් අගය කළද මැතිවරණයේදී ඡුන්දය දෙන්නේ ඉහත කී හොරුන්ටය. උනුයි-මුනුයි දෙගොල්ලොම එකයි කිය-කියා ඡන්ද පොළට ගොස් ඡුන්දය දෙන්නේ හොරාටමය. ජාතිවාදියාටමය. දූෂිතයාටමය. තමා හා රට හූරා කන තක්කඩියාටමය. සත්‍යය එය නොවේද?
සුහද සමාජය
එදා මෛතී‍්‍ර ජනපති කරවීමට වෙහෙස වූ 90%ක් පමණම ඔහු අතැර ගොස් හමාරය. මතවාදීව වෙනස්කම් තිබුණත් චම්පික රණවකලා පවා අද එජාපයේ සෙවන ලබති. ‘යහපාලන පෙරමුණක්’හදාගෙන තව පිරිසක් ‘අලියා’ලකුණෙන් තරග කිරීමට නියමිතය. පසුගියදා යහපාලන පෙරමුණේ ගිවිසුම අත්සන් කළ රාජිත ඇමැති මාධ්‍යයට කරුණු දක්වද්දී, ඔහුගේ පිටුපසින් සිටියේ එදා මහින්ද යුගයේ ‘සිනෝර්’ආයතනයේ කෝටි ගණන් හොරකම් කළ බව කියවෙන පසුගිය මාස කීපයේ නිහ`ඩව සිටි, දූෂිතයෙකු, වංචනිකයෙකුවන උජිත් අනුරාධය. ඇමැති රාජිත පසුපස හැරී බැලූවානම් හොඳම දූෂිතයෙකු පිටුපස්සේය. එදා ජනවාරි 08 වන දින මෛතී‍්‍ර ජනපති වී පත්වූ ආණ්ඩුවේ තනතුරු විශාල ප‍්‍රමාණයක් ලැබුනේද මහින්ද සමයේ සිටි අනාදි හොරුන්ටය. මහින්ද ගෙදර යවා බදාගෙන කෑම ඇරඹුවා මිස බලයට ආශාවෙන් පිශාචයන්සේ ආපසු ඒ යයි සිතුවේ නැත. බලය ලබාදුන් විට හොරු අල්ලා ද`ඩුවම් දීම වෙනුවට හොරු සම`ග ‘අල්ලන සෙල්ලම් කිරීමට’ගිය හැමෝටම හොඳ පාඩමක් ඉගෙන ගැනීමට ලැබෙනු ඇත. දැන්ම ම මහින්ද අරලිය මැදුරට යාමට නැකත් හදා අවසන්ය. තානාපතිවරු, ආයතන ප‍්‍රධානීන්, මැති-ඇමැතිකම් දැන්ම ම බෙදේ. මහින්දගේ අරමුණ ඉටුවුවහොත් මෙවර නඩු අසන්නේ පිටකොටුවේ බෝධිය ළ`ග හෝ අභයාරාමයේ විය හැක. මිනී මැරුම්, ස්තී‍්‍ර – දූෂණ, හොරකම්-වංචා, කොමිස් ගැහිලි පනතක් ම`ගින් නීතිගත කෙරෙනු ඇත. කුඩු-එතනෝල් හා විවිධ ජාවාරම් තමාගේ වහලූන් ලවා කරවනු ඇත. ‘මහිස්ද චින්තනයේ’ඉතිරි කොටස කි‍්‍රයාත්මක කර, යළි ලෝක අපවාදයට ලක්වන ‘නවීන දේශය’ඉදිකරනු ඇත. දෙමළ හා මුස්ලිම් ජනතාව යළි මර්දනයට ලක්කර, ජාතිවාදය වපුරා අදීන ‘පණ අදින’ජාතියක් නිර්මාණය කරනු ඇත. හොරකම-වංචාව-දූෂණය-නීති විරෝධී ජාවාරම් නීතිගතකර මහින්දගේ ‘සුහද සමාජය’බිහිකරුනු ඇත. මේ සියල්ල බලා ජනපති මෛතී‍්‍රට ශී‍්‍ර.ලං.නි.ප.යේ ආඩම්බරකාර නායකයා ලෙස සතුටුවිය හැක.
ගජමිතුරු වාදය
‘මෛතී‍්‍ර-මහින්ද සැලැස්ම අනුව නම්, ඉදිරියේදී මෙරට බිහිවන්නේ ‘චෞර රාජ්‍යයකි.’රනිල්ට හා එම සන්ධානයට අනුව අර්ධ චෞර රාජ්‍යයකි. රනිල්-මෛතී‍්‍ර, මෛතී‍්‍ර-මහින්ද, රනිල්-මහින්ද ‘ගජමිතුරු වාදයේ’හොඳ හොඳ සෙල්ලම් මෙම මැතිවරණයෙන් පසු ජනතාවට දැකීමට හැකිවෙනු ඇත. කවුරු බලය ලබාගත්තත් හොරු – දූෂිතයන් ජාවාරමුන් හා නිදිවදිති. දූෂිතයෙකු නොවන අව්‍යාජ ගැමියෙකු යයි සිතා ජනපති කළ මෛතී‍්‍රද කළේ එයමය.
එදා මහින්ද රාජපක්ෂ අගමැතිකම මෛතී‍්‍රට ලබාදී තිබුණා නම් මේ යහපාලන කතාවක් ඇති වන්නේද නැත. ඒ එසේ වූවා නම් රාජපක්ෂ ආණ්ඩුවේ පවුල්වාදී, ඒකාධිපති, දූෂිත ආණ්ඩුව ජනතාව අතින් සුන්නත් දූලි වී යාමට කාලය එළඹෙමින් තිබුණි. ඒ වැළැක්වූයේ මෛතී‍්‍රය. ඊළඟට දේශපාලන සටනින් පරාජය වී හැමදැම රට අතහැර යන චන්ද්‍රිකා මෙවරද පරණ පුරුදු දේම කළාය. මෛතී‍්‍ර පොදු අපේක්ෂකයා කළේ චන්ද්‍රිකාය. ඇයගේ රහසිගත සැලසුම් කි‍්‍රයාත්මක විය. ඇයට අවශ්‍ය කීප දෙනෙකුට වරප‍්‍රසාද ලබාදීම පමණක් පසුගිය මාස කීපයේදී සිදුවිය. දැන් රට ගිය චන්ද්‍රිකා මෙහි පැමිණ ප‍්‍රකාශයක් කරනු ඇත. අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා වැඩක් නැත. දැන් කළ යුතුව ඇත්තේ එකිනෙකාට දොස් පැවරීම නොව 8 දා පරාජය කළ බලවේගය නැවත නොඑන්නට කටයුතු කිරීමය. දේශපාලනය තිත්තවුණා යයි කියා සෝභිත හිමියන්ටද නිහ`ඩව සිටිය නොහැක. මේ විනාශකාරී පෙරළියට පෙරගමන් ගිය උන්වහන්සේ සිදුවෙමින් පවතින විනාශය නැවැත්වීමට හෝ අවම කිරීම දායක වීම යුතුකමකි.
දැන් දුමින්ද සිල්වා, සරණ, සජින්, මර්වින් වැනි ඉතාම සුළු පිරිසකට සන්ධානයෙන් නාම යෝජනා ලබාදී නොමැත. අනෙක් සියලූ දෙනාම බෝසත් පැටවුන්ය. කිසිම දූෂණයක්, වංචාවක්, හොරවැඩක් කර නොමැත. ලොකුම දූෂිතයාවන මහින්දට නාමයෝජනා දුන්විට අනෙක් සියල්ලෝම ගැන සෙවීම විහිළුවකි. දැන් සන්ධානයේ දූෂිතයන් නැත. ජාවාරම් කරුවන්, මිනීමරුවන්, ස්තී‍්‍ර දූෂකයන්, කුඩු කාරයන් නැත. ගියවර ආණ්ඩුවේ ඔවුන් සිටියාට මෙවර ඔවුන් නැත. අටපාස් අය අද නැත. සියල්ලෝම පසුගිය මාස 6යට උපාධිධරයන් වූහ. පාරිශුද්ධත්වයට පත්වූහ. පන්සල්වලින් සටන ආරම්භ වූ නිසා, මෛතී‍්‍ර ජනපති නිසා සන්ධානය ධාර්මිෂ්ඨය. මෛතී‍්‍ර අමාරුවෙන් ශී‍්‍ර.ලං.නි.ප.ය හා සන්ධානය යහම`ගට ගත්තේය. දැන් ජනතාවට ඇත්තේ සාදු සාදු කිය කියා, ‘නවීන දේශයක්’හැදීමට සන්ධානයට ඡන්දය දීමය. අවුරුදු දෙකෙන් සියල්ල හරිය. රට සුඛිත මුදිතය. එ.ජා.ප.ය ද ගසාගෙන එන පාංකඩ වුවද දමාගෙන බලන්නේ ජයගන්නටය. බලය දුන් විට මහින්දලා හා ඞීල්දමමින්, වේදිකාවේ රාජපක්ෂ රෙජීමයක් ගැන කතාකරමින් ජනතාවට බොරු කලාට යහපාලනයක් ඇති වෙන්නේ ද නැත. (ඉඩ ලැබෙන පරිදි දූෂිතයන් පිළිබඳ තොරතුරු හෙළිදරව් කරන්නෙමු) මහින්දගේ ආගමනයෙන් කළකිරී හෝ පක්ෂය වෙනුවෙන් කළ වැඩ කොටස නිමවී ඇත් හෙයින් ජනපති මෛතී‍්‍ර ‘නිර්පාක්ෂික’වීමට ද සැලසුමක් තිබේ. තමාගේ නිල ශී‍්‍ර ලං.නි.ප.ය මහින්දගේ නොනිල ශී‍්‍රලං.නි.ප.යට පරදීවි යන බියෙන් තීන්දු තීරණ ගෙන පක්ෂයක් නිසා රට විනාශ කිරීමෙන් ජනපති මෛතී‍්‍ර ඉතිහාසයට එක්වන්නේ අශීලාචාර පාවාදෙන්නෙකු වශයෙනි.







