ශිරන්ති රාජපක්ෂ රටෙන් පිටවෙලා…

ශිරන්ති රාජපක්ෂ රටෙන් පිටවෙලා…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

ඇය සමඟ රෝහිත රාජපක්ෂගේ නැන්දණිය වන ඈන් ද ලිවේරා නැමැ.ත්තියද පිටත්ව ගොස් ඇති අතර ඔවුන් අද අලුයම 01.10ට පමණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ-469 දරන ගුවන් යානයෙන් මෙලෙස පිටත්ව ගොස් ඇති බව පැවසේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට ප්‍රකාශයක් ලබාදීම සඳහා එළඹෙන 24 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දීමක් සිදුකර තිබියදී මෙලෙස පිටව යාම විශේෂත්වයකි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්