ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අනුරාධපුර රැලිය පැවැත්වීම සහ ඉන්පසුව එම පක්ෂය පැවැත්වූ මාධ්‍ය හමුවල දී නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සියළු දෙනා අන්ත අසරණ තත්වයට ඇද දමා තිබේ.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එම වේදිකාවට ගොඩ කිරීමෙන් රාජපක්ෂ පවුලට තවදුරටත් හානියක් සිදු වී ඇති බව හෙළි වේ. එය තහවුරු වන්නේ රැලිය පවත්වා දින 3 තුළ දී පැවැත්වූ රැලිය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමු තුළ දී සිදු කළ පැහැදිලි කිරීම් මගින් ය.
මේ අතර, නාමල් රාජපක්ෂ විසින් එම රැලියේ කියවීමට යවන ලදැයි පවසන ලිපිය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු සැක පහළ කරන අතර, එම ලිපියේ සඳහන් නෙල්සන් මැන්ඩෙලා පිළිබඳව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික කරුණු පැහැදිලි කරන වීඩියෝවක් පහතින් දැක්වේ.
163









