ගෝඨා සහ අසාද් මවුලානා සම්බන්ධ ඡායාරූප ආන්දෝලනයක්

ගෝඨා සහ අසාද් මවුලානා සම්බන්ධ ඡායාරූප ආන්දෝලනයක්

ගෝඨාභය රාජපක්ෂ අත්තඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙන පෙත්සම විභාගයට ගත් පසුගිය 24 වෙනි දින නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කළ ඡායාරූපය සංවිධානාත්මකව විකෘති කරමින් පවතී.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙසින් සිටියදී සහ ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙමින් සිටියදී අසාද් මවුලානා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බව අධිකරණය හමුවේ තහවුරු කිරීමට එම ඡායාරූපය ඉදිරිපත් කරනු ලැබීය.

අධිකරණය හමුවේ ඉදිරිපත් කළ සාක්ෂියක් වන එම ඡායාරූපය ව්‍යාජ ආකාරයේ AI තාක්ෂණය යොදා ගනිමින් විකෘති කර තිබේ.

සංවිධානාත්මක කණ්ඩායම් එම විකෘති කළ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත කරමින් සිටිති. මේ මගින් අධිකරණය ක්‍රියාවලිය කෙරෙහි ජනතාව නොමඟ යැවීමට අදාළ සංවිධානාත්මක කණ්ඩායම් උත්සාහ දරමින් සිටින බව හෙළි වී තිබේ. පාස්කු ඉරුදින එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශන නිසි පරිදි පැවැත්වීම සම්බන්ධයෙන් අතිශයින් කලබලයට පත් වී සිටින පුද්ගලයින් එම විමර්ශනවලට බාධා කිරීමේ අපේක්ෂාවෙන් අධිකරණයට සාක්ෂියක් ලෙසින් ඉදිරිපත් කරන ලද ඡායාරූපයක් විකෘති කරමින් සමාජ ගත කිරීමට ප්‍රයත්න දැරීම පිළිබඳව ජනතාව අවදියෙන් සිටිය යුතු බව විශ්ලේෂකයෝ කියා සිටිති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්