වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් බහිරවකන්ද ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටින හිමි නමක් සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කාන්තාවක් මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාර හිමිනම දූෂණයට ලක් වූ බව කියන දැරියගේ පියාගේ සහෝදරයා බවද අනාවරණය වී ඇත.
සැකකාර හිමිනම වයස අවුරුදු 25ක පසුවන බව පැවසේ.
මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට අත්අඩංගුවට ගැනුණු කාන්තාව බහිරවකන්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක තැනැත්තියක් බවද අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
සැකකාර හිමිනම සහ කාන්තාව පසුගිය 20 වනදා අත්අඩංගුවට ගෙන ඊට පසු දින (21) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාර හිමිනම අද (01) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සැකකාර කාන්තාව රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැර ඇත.
මහනුවර පොලිස් ස්ථානය මඟින් සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.










