මෙහෙමනම් වැඩ කරන්නේ GMOA සමග කිසිදු සාකච්ඡාවක් නැහැ – සෞඛ්‍ය ඇමති

මෙහෙමනම් වැඩ කරන්නේ GMOA සමග කිසිදු සාකච්ඡාවක් නැහැ – සෞඛ්‍ය ඇමති

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය කිසිදු පදනමක් නොමැති අසාධාරණ ක්‍රියාවක් බවත් එම නිසා ලබා දීමට නියමිතව තිබූ සාකච්ඡාව අත්හිටවූ බවත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසීය.

සීමාවාසික වෛද්‍යවරුන්ගේ ප්‍රථම පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් මැදිහත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බවද ඔයු සඳහන් කරයි.

එහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කලේ, වෘත්තීය සමිතියක් ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරන්නේ මෙලෙස නම්, අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවද ලබා නොදීමට තීරණය කළ බවය.

Facebook
Twitter
LinkedIn