ශ්‍රී ලංකාව තීරණාත්මක තීන්දු රැසක් ගනී

ශ්‍රී ලංකාව තීරණාත්මක තීන්දු රැසක් ගනී

ලෝකය වෙලා ගෙන තිබෙන යුද්ධයේ විනාශකාරී බලපෑම්වලට තිරසාරව මුහුණ දීම සඳහා විස්තීර්ණ තීන්දු රැසක් ගැනීමට අද (16) සවස අදාළ ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් විශේෂ කමිටුවක් රැස්වීමට නියමිත ය.

මේ වනවිට උපායමාර්ගික යෝජනා රැසක් ඉදිරිපත් වී තිබේ. දින 4ක වැඩ සතියක් ප්‍රකාශයට පත් කිරීම, ඇතැම් අංශවල රැකියා නිවසේ සිට කිරීම, ඉන්ධන විශාල වශයෙන් දහනය වෙන වාහන ධාවනය සීමා කිරීම, සෞඛ්‍ය, ආහාර සහ පොදු මගී ප්‍රවාහනයට අවශ්‍ය ඉන්ධන සංචිත ප්‍රාදේශීය වශයෙන් පවත්වා ගෙන යාම සහ QR ක්‍රමයේ සංශෝධනයක් සිදු කිරීම එම යෝජනා අතර පවතින බව වාර්තා වේ.

අසල්වැසි වෙනත් රාජ්‍යයන් අනුගමනය කරන විකල්ප ක්‍රම අතරින් ශ්‍රී ලංකාවට ගලපා ගත හැකි විසඳුම් පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කිරීමට ද නියමිත ය.

ඊට අමතරව, ගෑස් සහ ඉන්ධන ඍජුව ම රුසියාවෙන් සහ චීනයෙන් ලබා ගැනීමට ද සාකච්ඡා පැවැත්වෙමින් තිබේ. ඉන්දියාව තුළ හට ගෙන තිබෙන ඉන්ධන අර්බුදය නිසා වෙනත් විකල්ප ගණනාවක් කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇත.

Facebook
Twitter
LinkedIn