ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය යුද වැදී මුදල් දින 09 තුළ මෙරට ඉන්ධන අලෙවිය සාමාන්‍ය තත්වය යටතේ මාස 1.5ක ප්‍රමාණයට සමාන බව හෙළි කර තිබේ.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල දත්තවලට අනුව මුල් දින 09 තුළ දී ඩීසල් මෙට්‍රික් ටොන් 57,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 47,000ක් සංවිධානාත්මක පිරිස් විසින් රැගෙන ගොස් ගබඩා කර ගෙන ඇත. එම ප්‍රමාණය ඉන්ධන නැව් දෙකක ධාරිතාවට සමාන බවත් සාමාන්‍ය අලෙවි තත්වයන් යටතේ දින 45ක දී පමණ අලෙවි කරන ප්‍රමාණයට සමාන බවත් හෙළි කර තිබේ. මෙවැනි අදූරදර්ශී හැසිරීම් පාලනය කිරීමට වහාම ක්‍රියාත්මක කරන පරිදි ඊයේ සිට (15) සිට QR කේත ක්‍රමය හඳුන්වා දෙන ලදී.
මේ අතර, යුද්ධය සහ ලෝක වෙළඳපොලේ ඉන්ධන සැපයුම පිළිබඳව අවධානය යොමු කරන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ පෙර පැවති සාමාන්‍ය තෙල් මිල ගණන්වලට යළි ළඟා වීම 2027 වර්ෂයේ මැද බාගයෙන් පසුව සිදු වනු ඇති බවයි. යුද්ධය ආරම්භ කිරීමට පෙර තෙල් බැරලයක් ඩොලර් 62 සහ 63 සීමාව අතර පැවැතිණි. ඉක්මනින් යුද්ධය අවසන් කළ හොත් පමණක් ලබන වසරේ මැද භාගය වනවිට පෙර පැවති මිලට ළඟා වනු ඇතැයි පුරෝකථනය කර තිබේ.







