පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය : සජින් වාස් CIDය හමුවට

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය : සජින් වාස් CIDය හමුවට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන අද (08) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.

ඉන්දීය ඔත්තු සේවයකින් තමන්ට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දුරකථන ඇමතුම් ලැබී ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ ලබාදෙමින් මීට පෙර සඳහන් කර තිබිණි.

පොලිසිය පැවසුවේ, අදාල දුරකතන අංක සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී එම ඇමතුම් සජින් වාස් ගුණවර්ධන විසින් ලබා දී ඇති බවය.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මේ වනවිට ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දෙමින් සිටින බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්