රෝහිතට ආයෙත් අඬන්න වෙයි

රෝහිතට ආයෙත් අඬන්න වෙයි

නීති විරෝධී වාහන ජාවාරම සම්බන්ධයෙන් අත්තඩංගුවට ගැනීමට නියමිතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය අද (30) උදෑසන පානදුර වලාන දූෂණ මර්දන කොට්ඨාසය වෙත නීතිඥවරියක මාර්ගයෙන් බාර වී ඇත.

මෙයට පෙර ඇයගේ සැමියා අත්තඩංගුවට ගෙන අගෝස්තු 01 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයෙකු බාරයේ තිබූ නීති විරෝධිව එකලස් කළ සුඛෝපභෝගී ජීප් රථය සහ එම පුත්‍රයා අත්තඩංගුවට ගැනීමෙන් පසුව පුළුල් විමර්ශන ඇරඹීය.

එම විමර්ශණවලදී හෙළි වී තිබෙන්නේ අදාළ රථය රෝහිත අබේගුණවර්ධනගේ දියණියගෙන් මිල දී ගන්නා ලද බවයි. ඊට අමතරව, නීති විරෝධී යතුරු පැදි විශාල ප්‍රමාණයක් කළුතර කේන්ද්‍ර ගත කර ගනිමින් ජාවාරම් සිදු කරන බවට මෙයට පෙර විවිධ අවස්ථාවල දී හෙළි වී තිබිණි.

Facebook
Twitter
LinkedIn