අමරදේව කෝටි දෙක ඉක්මවීමට ආසන්නයි

අමරදේව කෝටි දෙක ඉක්මවීමට ආසන්නයි

පණ්ඩිත් ඩබ්ලියු ඩී අමරදේව, උමාරියා සිංහවංස සමඟ මෙයට වසර 10කට පමණ පෙර ගායනා කළ “බලා වැළපෙමි” නම් ගීතය යූටියුබ් අවකාශයේ නැරඹුම් වාර කෝටි 2 ඉක්මවීමට ආසන්න රසික ප්‍රසාදයක් දිනා ගෙන ඇත.

එම ගීතය ජානක සිරිවර්ධන විසින් රචනා කරන ලදුව, අරුණ ගුණවර්ධන සංගීතවත් කරන ලද්දකි. එය 2015 අප්‍රේල් 09 වෙනි දින යූටියුබ් අවකාශයට එක් කර ඇත. අද (2025 ජූලි 30) නැරඹුම් වාර 19,698,511ක් ලෙස සටහන් වී පවතී.

එම ගීතය පහතින් දැක්වේ.

බලා වැළපෙමි නෙළාගනු බැරි
හන්තාන සිහිනේ….
දරා නෙත් අග දොවා සිත් මල්
ගොතනු මැන ළඳුනේ….
සංසාර සිහිනේ…

වැහි පබළු යට රඟමඬල මැද
ඔබේ දෑතේ තුරුලු වන්නට
බිසෝ හැර ගිය ළසෝ රඟහල
අමාවක අඳුරේ…..
නොයනු මැන ළඳුනේ…

වඩින තුරු සඳ දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොඳුරු ඒ සද දියේ එන්නම්
ඉඳිනු මැන සොඳුරේ
හන්තාන අරණේ…

ගායනය – පණ්‌ඩිත් අමරදේව සහ උමාරියා
පද රචනය – ජානක සිරිවර්ධන
සංගීතය – අරුණ ගුණවර්ධන

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්