නාමල් රාජපක්ෂට ජනාධිපති අනුරගෙන් ලොකු තෑග්ගක්

නාමල් රාජපක්ෂට ජනාධිපති අනුරගෙන් ලොකු තෑග්ගක්

රාජපක්ෂ පවුල ඇතුලු පොහොට්ටු පක්ෂයේ ප්‍රබලයන්ට එල්ල වී ඇති මූල්‍ය අපරාධ චෝදනාවලින් නිදහස්වීමේ පූර්වාදර්ශයක් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ලබා ඇතැයි නීති විශාරදයින් පෙන්වා දෙති.

ඔවුන් පෙන්වා දෙන්නේ නාමල් රාජපක්ෂගේ අතිශය සමීපතමයෙකු වන තිස්ස කුට්ටිආරච්චි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධ කර ගනිමින් එල්ල කරන ලද මූල්‍ය අපරාධ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ නඩු පැවරූ බව ය. එම නඩු විභාග කළ අධිකරණය ඉදිරියේ තිස්ස කුට්ටිආරච්චි කොන්දේසි විරහිත සමාව ඉල්ලා ගෙන එම නඩුකරය සමථයකට පත් කර ගනු ලැබීය.

මෙම පූර්වාදර්ශයේ පිහිටමින් රාජපක්ෂ පවුල ඇතුළු මූල්‍ය අපරාධ චෝදනා එල්ල වී ඇති පුද්ගලයින්ට ද අධිකරණය ඉදිරියේ නිර්දෝශීභාවය ඔප්පු කර නිදහස් විය හැකි බව පෙන්වා දී තිබේ. තිස්ස කුට්ටිආරච්චි විසින් ද්වේශ සහගතව එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් රුපියල් බිලියන 10ක වන්දි ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නීතිඥවරු මාර්ගයෙන් අධිකරණය ඉදිරියේ අපහාස නඩු පවරනු ලැබීය.

එයින් එක් නඩුවක් විභාග කළ අධිකරණය ඉදිරියට ගිය තිස්ස කුට්ටිආරච්චි පසුගිය 28 වෙනිදා ඔහුගේ නීතිඥයින් මාර්ගයෙන් කොන්දේසි විරහිත සමාව අයදින බව අධිකරණයට දන්වනු ලැබීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්