ජනතාව රනිල්ගේ ඡන්ද ගුණ්ඩුවලට පයින් ගහලා

පත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් “උරුමය“ යනුවෙන් නම් කළ ඔප්පු බෙදා දීමේ ව්‍යාපෘතියක් දියත් කළද එය සම්පූර්ණයෙන් අසාර්ථක වී ඇති බවට සාක්ෂි හමුවේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ඊයේ (13) නිකුත් කරන ලද මාධ්‍ය වාර්තාවක සඳහන් කර තිබෙන කරුණකින් මේ බව හෙළිවේ. එම වාර්තාවේ සඳහන් වන්නේ “ජනතාව මේ කෙරෙහි උනන්දු කරවමින් එම ප්‍රතිලාභය ඔවුන් වෙත ලබාදීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරී ඇති වගකීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.“ යනුවෙනි.

මෙයින් පැහැදිලි වී තිබෙන්නේ උරුමය ඔප්පු ලබා දීමේ ප්‍රචාරක ව්‍යාපාරය කෙරෙහි ජනතාව කිසිදු උන්දුවක් නොදක්වන බව ය.

Facebook
Twitter
LinkedIn