කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ඡන්දය ලබා දුන්න ද, නාමල් රාජපක්ෂ එය මගහැර යාම පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ අවධානය යොමු වී තිබේ.
දේශපාලන විචාරකයන් මේ සම්බන්ධයෙන් මත පළ කර තිබෙන්නේ නාමල් රාජපක්ෂ දස බල සේනා නමින් යන ප්‍රචාරක ව්‍යාපාරයේ බලය මහින්ද රාජපක්ෂටද පෙන්වා ඇති බව ය. මේ වනවිට බන්ධනාගාර ගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල පවා මහින්ද යාපා අබේවර්ධන වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමට පැමිණීම පිළිබඳවද විශේෂ අවධානය යොමු වී තිබේ. ඔහු බන්ධනාගාර ගත කළ පසු පාර්ලිමේන්තු පැමිණි පළමු අවස්ථාව මෙය වේ.
විශේෂයෙන්ම නාමල් රාජපක්ෂගේ අනාගත දේශපාලන ගමන් මග වෙනුවෙන් ජී.එල් පීරිස් ඇතුළු තවත් එක් අයෙකු හැරුණු විට විශාලතම වැඩ කොටස කරමින් සිටින්නේ මහින්ද යාපා අබේවර්ධන බව ප්‍රකට ය.
2,517








