ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 700ත් 800ත් අතර මුදලකින් ඉහළ යෑමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එම මිල ඉහළ යෑමට සාපේක්‍ෂව කිලෝග්‍රෑම් 05ක සිලින්ඩරයක් රුපියල් 200ත් 300ත් අතර මුදලකින් සහ කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 100කට ආසන්න මුදලකින් මිල ඉහළ යෑමට නියමිත බවද වාර්තා වේ.
මෙම මිල ඉහළ දැමීම ලබන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිත බවද වාර්තා වේ.
ලංකාදීප
1










