ආණ්ඩුව විදේශ ආයෝජන පුම්බයි

ආණ්ඩුව විදේශ ආයෝජන පුම්බයි

සංචාරක කර්මාන්තය සඳහා විදේශ ආයෝජන වශයෙන් රුපියල් කෝටි 20,288ක් ගෙවී ගිය මාස 9 තුළ ලැබී ඇති බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කර තිබේ.

ඔහුගේ මෙම ප්‍රකාශය පදනම් කර ගනිමින් අද (19) දිනමිණ පුවත් පතේ අදාළ ප්‍රවෘත්තිය වාර්තා කර තිබේ. එහි වැඩි දුරටත් සඳහන් වන්නේ එම ක්ෂේත්‍රයේ ආයෝජන 33ක් සඳහා ඉල්ලුම් කර තිබුණද, එයින් 22කකට අනුමැතිය ලබාදී ඩොලර් මිලියන 101.44ක ආයෝජන ලැබී ඇති බවය.

මේ අනුව සත්‍ය වශයෙන්ම එම ආයෝජන රට තුළට ගලා ආවේ නම් එය රුපියල් කෝටි 20,288ක් නොව රුපියල් කෝටි 2,000කට මදක් වැඩි ප්‍රමාණයක් පමණි. එහෙත් පවතින සත්‍යය තත්වය වසන් කරමින් විදෙස් ආයෝජන වැඩි වශයෙන් පැමිණෙමින් තිබෙන බව ප්‍රචාරය කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බව මෙම සංඛ්‍යා ලේඛණ මගින් පැහැදිලි වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්