දූෂණයට කැබිනට් අනුමැතිය

දූෂණයට කැබිනට් අනුමැතිය

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහනය සඳහා බස්රථ 55කට මාර්ග බලපත්‍ර ලබාදීමේදි ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් රජයට අයවිය යුතු වූ රුපියල් කෝටි ගණනක ආදායම් අහිමි කළ පිරිසකට නැවත එම මාර්ගයේ බස්රථ ධාවනයට අවසර ලබාදීම සඳහා අද (15) කැබිනට් අනුමැතිය ලබාදි ඇත.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය අවසාන සමයේ 2014 ඔක්තෝබර් සිට 2015 ජනවාරි 05 දක්වා බස්රථ 55ක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බලපත්‍ර ලබාදීමේදී දූෂණය නමැති වරද සිදුකර ඇති බව ජනාධිපති කොමිෂන් සභාවකින් අනාවරණය කරගෙන වරදකරුවන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ විධිවිධානද නියමකර තිබිණි.

මෙම නියමයන් සිදුකර ඇත්තේ බරපතළ වංචා දූෂණ රාජ්‍ය සම්පත්, වරප්‍රසාද බලය අවභාවිතා කිරීම යන කරුණු සොයා බැලීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මගිනි.

එම කොමිෂන් සභාව විසින් කර තිබෙන වංචාවේ හෝ දූෂණයේ ස්වභාවය ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය නීතිමය විධිවිධාන, වරදේ ස්වභාවය, නීතිමය ක්‍රියාමාාර්ග ගත යුතු ආයතනය ආදී වශයෙන් සම්පූර්ණ වාර්තාවක් නිකුත් කර තිබේ.

පංච පුද්ගල කොමිෂන් සභාව විසින් දෙන ලද මෙම වාර්තාව 2017 නොවැම්බර් 27 වැනි දින ජනාධිපතිවරයාට ලබාදී තිබිණි. එහි සඳහන් කරුණු සියල්ල පසේකට දමා දූෂණය නමැති වරද සිදුකර ඇති සියලු දෙනාට දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස්රථ ධාවනය සඳහා යළි අවසර ලබාදීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්