විදෙස්ගත ශ්රී ලාංකිකයන් විසින් මෙම 2026 වසරේ මුල් මාස 09 තුළ ඩොලර් බිලියන 6.86ක මුදල් ප්රමාණයක් දිවයිනට එවා ඇති බව ශ්රී ලංකා මහබැංකුව පවසයි.
එය පසුගිය 2025 වසරේ මුල් මාස 09 තුළ ලැබී තිබූ විදේශ ප්රේෂන හා සැසඳීමේදී ඩොලර් බිලියන 1.05ක වර්ධනයකි. පසුගිය වසරේ එම කාලය තුළ ලැබී තිබුණේ ඩොලර් බිලියන 5.81ක් පමණි.
පසුගිය සැප්තැම්බර් මාසය තුළ පමණක් ඩොලර් මිලියන 734.4ක මුදල් ප්රමාණයක් දිවයිනට එවා ඇති බවද ශ්රී ලංකා මහබැංකුව තහවුරු කරයි.
පසුගිය 2025 වසරේ සැප්තැම්බර් මාසයේ විදෙස්ගත ශ්රී ලාංකිකයන් විසින් මෙරටට එවා තිබූ විදේශ ප්රේෂණ ප්රමාණය ඩොලර් මිලියන 695.7කි. ඒ අනුව ගිය වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 38.7ක් ලැබී තිබේ.










