“කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල”

ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්‍ෂවරුන්ගේ සංසදය මඟින් පවත්වනු ලබන “කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල” රීගල්, මැජෙස්ටික්, එම්පයර් සහ තරංගනී යන සිනමා ශාලාවන් හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එහි සමාරම්භක උළෙල අගෝස්තු දෙවැනිදා රීගල් සිනමාහලේ පැවැත්වෙන අතර මහජන ප්‍රදර්ශනය තුන්වැනිදා සිට හත්වැනිදා දක්වා රීගල් ඇතුළු සිනමාහල් වලදී තිරගත වනු ඇත.

උළෙල සඳහා නොමිලේ ලබාදෙන ප්‍රවේශ පත්‍ර කොළඹ පදනම් ආයතනයේ පිහිටි උත්සව කාර්යාලයේ දී දැන් ලබාගත හැකි බව සංවිධායකයින් දන්වා තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්