ආචාර්යවරු මර්දනය කරන්න ආණ්ඩුවට විනාඩි 10න් පුළුවන් – S.B

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මර්දනය කරන්න ආණ්ඩුවට ගතවන්නේ විනාඩි 10ක් බව උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක මහතා පවසා ඇත.

ඇමතිවරයා මේ බව පවසා ඇත්තේ අද (15) පෙරවරුවේ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකදීය.

ඒ මහතා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ ‘‘අපි තාමත් මේ අය අපේ හතුරෝ හැටියට සලකන්නේ නෑ. හතුරෝ හැටියට සලකනවා නම්, ඕවා මර්දනය කරන්න ආණ්ඩුවට විනාඩි දහයෙන් පුළුවන්. …. විශේෂයෙන් නැවතත් ආචාර්ය සංගමයටත් සියලු ආචාර්යවරුන්ටත් මහාචාර්යවරුන්ටත් කියන්න කැමතියි අපි තවමත් ඔබතුමාලගේ මිත්‍රයෝ.“ යනුවෙනි.

ආශ්‍රිත පුවත්

මුං හොරු, තක්කඩි – වි. වි. ආචාර්යවරුන්ට S. B. කියයි

සරසවි ඇදුරු වාහනවලට ඇණ

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්