
(දෙවන සංස්කරණය) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිත කණ්ඩායම මෙරටට පැමිණියේ ශ්රී ලංකා රජය කළ ඇරයුමකට අනුව බව එකසත් ජාතීන්ගේ සංවිධානයේ නිත්ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතා පවසයි.
නිව්යෝර්ක් නුවර සිට මෙරට මාධ්ය ආයනයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු එසේ පවසා සිටී.
එහිදී ඔහු වැඩිදුරටත් පවසන්නේ “කන්ඩායමක් එවන්න කියල මානව හිමිකම් කවුන්සිලයට ශ්රී ලංකා රජය ඇරයුම් කළා. එය ක්රියාවට නැගුනෙ මාස කිහිපයකට පස්සේ. අපි අපේක්ෂා කරන්නේ මේ කණ්ඩායම ශ්රී ලංකාවේ මානව හිමිකම් සහ මානුෂවාදී ප්රතිපත්තියක් වෙත යාම සඳහා රජයට විවිද කරුණු සම්බන්ධයෙන් සහයෝගය ලබාදෙනු ඇති බවයි. මේ ආපු කණ්ඩායම් ඔවුන්ගේ නිර්දේශ අපට ඉදිරිපත්කර අපට අවශ්ය සහයෝගය දෙනු ඇති.” යනුවෙනි.
කෙසේ නමුත් යුද්ධය අවසන් වූ සමයේ මානව හිමිකම් නියෝජිත කණ්ඩායම් මෙරටට පැමිණීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්රමුඛ සන්ධාන ආණ්ඩුවේ මැති ඇමතිවරු නොයෙක් විරෝධතා දැක්වුවද එම විරෝධතා සියල්ල දැන් යටපත්වී තිබේ. (අපේ රටේ ප්රශ්න අපි විසඳගන්නම්, අපේ ප්රශ්නවලට කවුරුත් ඇඟිලි ගහන්න එපා, අපිට යුද අපරාධ චෝදනා ගේන්න හදනවා, ජනාධිපතිවරයාව විදුලි පුටුවේ තියන්න හදනවා) ආධී විරෝධතා මේ වනවිට තුරන්ව ගොස් ඇත.









