
ජනතා විමුක්ති පෙරමුණ හැර ගිය පිරිස විසින් එම පක්ෂයේ විශේෂ මහ සමුළුව පැවැත්වීමට එරෙහිව වාරණය නියෝගයක් ලබාදෙන ලෙස කොළඹ දිසා අධිකරණයට ඉදිරිපත් කර තිබූ ඉල්ලීම ප්රතික්ෂේප කර ඇත.
එම පෙත්සම අද සලකා බැලූ විනිසුරුවරයා සමුළුව පැවැත්වීම වාරණය කිරීමට තරම් කරුණු දක්වා නැති බැවින් එවැනි වාරණ නියෝගයක් ලබානොදුන්නේය. පෙත්සමෙන් මතුකර තිබෙන කරුණු පිළිබද යලි සලකා බැලීම ලබන මස 06 දිනට කල්තැබීය.
මෙම අධිකරණ තීන්දුවෙන් අනතුරුව කරුණු දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සදහන් කළේ, කෙසේ වෙතත් නියමිත පරිදි ජවිපෙ විශේෂ සමුළුව ජනවාරී 01 දින දෙබරවැවේදී පැවැත්වේන බවත් නිවැරදි විභාග ප්රතිඵලයක් හෝ ඉදිරිපත් කිරීමට නොහැකි තරමට බංකොළොත් මේ ජරාජීර්ණ වී තිබෙන ධනවාදී ආර්ථික දේශපාලන ක්රමය වෙනුවට සමාජවාදී සමාජ විප්ලවයක් වෙනුවෙන් ජීවිත පරිත්යාගයෙන් සහ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ක්රියා කරන බව ද පක්ෂයේ දේශපාලන මතවාදය විකෘති කළ සහ සංවිධාන විනයකැඩූ අභ්යන්තර බලවේග සහ බාහිර සතුරු ප්රහාර පරදා සමාජවාදී ජයග්රහණ නුදුරේදීම ජනතාවට ලබාදෙන බවත් පැවසීය.









