දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර, දකුණු අප්‍රිකාවේ ඩර්බන් ක්‍රීඩාංගණයේදී පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීමට  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 338 ක් වූ අතර එයට පිළිතුරුලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලබාගත හැකිවූයේ පළමු ඉනිම සදහා ලකුණු 168 ක් පමණි. ඉන්පසු සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබා ගත්තේ සියළු දෙනා දැවී ලකුණු 279 ක් පමණි.

තරගය ජය ගැනීමට ලකුණු 450 ක ඉලක්කයක් කරා හඹාගිය දකුණු අප්‍රකාණු කණ්ඩායමට සියළුදෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 241 ක් පමනි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 208ක ජයක් හිමි විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්