ප්රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක රසිකයන් අතර විශාල ජනප්රියත්වයක් හිමිකර ගෙන සිටින්නේ ගායකු ලෙස වුවද, ඔහු සුභාවික ගී තනු දහස් ගණනක් නිර්මාණය කර තිබේ.
ශ්රී ලංකාවේ ගුවන් විදුලි සංස්ථාවේ සරල ගීත සහ කැසට් ගීත වෙනුවෙන් තනු සහ සංගීත නිර්මාණ විශාල ප්රමාණයක් දායාද කර තිබේ. ඊට අමතරව සිනමා විචාරකයන්ගේ සුවිශේෂී අවධානයක් සරුංගලය චිත්රපටය සඳහා නිර්මාණය කළ වික්ටර් රත්නායක ගී තනු කෙරෙහි යොමු වී තිබේ. ”ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි” ගීතයේ සංගීතය නිර්මාණය කිරීමේදී හින්දු සංස්කෘතික අනන්යතාවය සහ බෞද්ධ සංස්කෘතික අනන්යතාවය සුසංයෝග කළ විශිෂ්ට සංගීත නිර්මාණයක් සිදුකර ඇත.
එම ගී තනු පිළිබඳව විග්රහයක යෙදෙන ප්රවීණ සංගීතඥ වික්ටර් රත්නායක කරුණු පැහැදිලි කළ වීඩියෝවක් ඇතුළු ඔහුගේ නිර්මාණය ඇතුළත් යූ ටියුබ් චැනලේ නිත්ය ග්රාහක සංඛ්යාව මේ වන විට 113,000 පසුකර ඇත. සරුංගලය චිත්රපටයේ ගීතය සහ එම ගීතය නිර්මාණය කිරීමේ පසුබිම දැක්වෙන වීඩියෝ දෙකක් පහතින් පළ කෙරේ.










