ලැම්බෝගිනියේ රේස් පදින්න පාරවල් වහන්නේ මෙහෙමයි

“කළම්බො නයිට් රේස්” ලෙස නම් කර ඇති මෙම මෝටර් රථ ධාවන තරගය සඳහා අවශ්‍ය කො‍ළඹ ගාලුමෝදර පිටිය අවට මහා මාර්ග හෙට (14) සහ අනිද්දා (15) දිනවල පස්වරු 6.00 සිට වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව චෛත්‍ය පාර වරාය දොරටුව අසළින් ජනාධිපති මාවත, බැංකු මාවත හන්දියෙන් ඛාන් ඔරලෝසු කණුව වටරවුම, රීගල් වටරවුම, සීනෝර් හන්දිය, ගාලුමෝදර වටරවුම, ජස්ටිස් අක්බාර් මාවත, මැලේ වීදිය හන්දිය, ගාමිණි වටරවුම සහ කොල්ලුපිටිය හන්දිය වසා දැමීමට නියමිතය.

අදාළ මාර්ග වසා තැබෙන අවස්ථාවලදී කොළඹට ඇතුළුවීමට සහ කොළඹින් පිටවීමට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රථවාහන පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කර සිටී.

එම මෝටර් රථ ධාවන තරගයේ පුහුණුවීම් ‍හෙට පැවැත්වෙන අතර තරගාවලිය අනිද්දා පැවැත්වීමට නියමිතය.

ඉහත මාර්ග වසා දැමෙන කාලය තුළදී විකල්ප මාර්ග‍ ලෙස පහත දැක්වෙන මාර්ග භාවිතා කළ හැකි බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

ගාලුපාර ඔස්සේ කොළඹට ඇතුළුවන බස් රථ සහ සැහැල්ලු වාහන කොල්ලුපිටිය හන්දියෙන් ධර්මපාල මාවතට හරවා පිත්තල හන්දිය, ජේම්ස් පීරිස් මාවත, කොම්පඤ්ඤවීදිය හන්දිය, ජස්ටිස් අක්බාර් මාවත, මැලේ වීදිය, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවත, රීගල් වටරවුම, ඩී. ආර්. විජේවර්ධන මාවත, ගාමිණි වටරවුම, මරදාන පාලම හන්දිය ටෙක්නිකල් හන්දිය හරහා කොළඹට ඇතුළුවිය හැකිය‍.

ගාලුපාර ඔස්සේ කොළඹට ඇතුළුවන ලොරි රථ කොල්ලුපිටිය හන්දියෙන් ධර්මපාල මාවතට හරවා ධමර්මපාල මාවත ඔස්සේ ලිප්ටන් වටරවුම, සොයිසා වටරවුම, ඩීන්ස් පාර මරදාන පාලම හන්දිය ටෙක්නිකල් හන්දිය හරහා කොළඹට ඇතුළුවිය හැකිය.

රෙක්ල‍මේෂන් පාර ඔස්සේ කොළඹට පැමිණෙන වාහන ඛාන් ‍ඔර‍ලෝසු කණුව වරටවුමෙන් ආපසු හරවා ප්‍රධාන වීදිය, ගෑස්පහ යන්දිය, බෝධිරාජ මාවත, අඩි 100 පාර, සෝන්ඩර්ස් පෙදෙස ඔස්සේ ‍ඕල්කට් මාවතට පිවිසිය හැකිය.

පිටකොටුවේ සිට කොළඹින් පිටවන වාහන බස් රථ ඕල්කට් මාවත සීනෝර් හන්දිය අසළින් ආපසු හරවා බෝගම හන්දිය, ටෙක්නිකල් හන්දිය, මරදාන පාලම හන්දිය, ගාමිණි වටරවුම, ඩී.ආර්. විජේවර්ධන මාවත, රීගල් වටරවුම, චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවත, කොම්පඤ්ඤවීදිය හන්දිය හරහා යුනියන් පෙදෙසින් හෝ ජේම්ස් පීරිස් මාවතින් පිටවිය හැකිය.

පිටකොටුවේ සිට කොළඹින් පිටවන අනෙකුත් වාහන ඕල්කට් මාවත සීනෝර් හන්දිය අසළින් ආපසු හරවා බෝගහ හන්දිය, ටෙක්නිකල් හන්දිය, මරදාන පාලම හන්දිය, ගාමිණි වටරවුම, ඩාලි පාර ඔස්සේ පිටවිය හැකිය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්