සිරියාවේ ඩැමස්කස් නුවර ඇති වී තිබෙන දරුණු ගැටුම් නිසා කොටුවී සිටි ශ්රී ලාංකිකයන් 22ගෙන් 04දෙනෙකු ලෙබනනයේ ශ්රී ලංකා තානාපති කාර්යාල හරහා බේරාගෙන ඇත. මෙම සිව්දෙනා බටහිර සිරියාවේ ලටානියා ගුවන් තොටුපළ හරහා බීරුට් නුවරට ගෙන්වා ගෙන තිබේ.
බෙරාගත් පිරිස වන්නේ ආර්. එස්. හේෂාන් දර්ශන, ආර්. ඒ. අමිල ප්රසන්න, නොයෙල් සිල්වා සහ හිරාන් පිලමිනා නමැත්තෝ වෙති.
මෙම ගුවන්තොටුපළ අවට ප්රදේශයේ දැඩි සටන් ඇවිළී ඇති හෙයින් සිරියාවේ සිටින ඉතිරි ශ්රී ලාංකික පිරිස ලටානියා ගුවන්තොටුපළ හරහා ලෙබනනයට පැමිණීම ප්රතික්ෂේප කර ඇතැයි තානාපති ආරංචිමාර්ග සඳහන් කරයි.









