ලක්ෂ්මන් වසන්තගෙනුත් අල්ලස් කොමිසම ප්‍රශ්නකරයි

මහින්ද රාජපක්ෂ රජයේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු වන මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරාගෙන් අල්ලස් කොමිසම අද (4) ප්‍රශ්න කළේය.

ජනතා විමුක්ති පෙරමුණ මෙයට මාසයකට පමණ පෙර මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ඇතුළු 12 දෙනකු අල්ලස් හෝ දූෂණ අක්‍රමිකතාවලට සම්බන්ධයැයි චෝදනා කරිමින් පරීක්ෂණ පවත්වන්නැයි ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිලි ගොනු කළේය.

ඔවුන්ට එරෙහිව විමර්ශන ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.

ලැබුණු පැමිණිල්ලකට අනුව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සම්බන්ධයෙන් වන විමර්ශනයද අද ආරම්භ කැරඇති බවත් ඔහුද කැඳවා ප්‍රශ්න කළ බවත් එම කොමිසම පවසයි.

ලක්ෂ්මන් වසන්ත පෙරේරා මන්ත්‍රීවරයා පිළිබඳ විමර්ශනය ඊයේ (04) ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්