මෑන් පවර් සේවකයෝ බලය පෙන්වයි

රාජ්‍ය, අර්ධරාජ්‍ය, තාවකාලික හා කොන්ත්‍රාත් සේවකයින් ස්ථීර කරන්නැයි ඉල්ලා කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් අද (04) ඇරඹි විරෝධාතවය මේ වනවිට උණුසුම් තත්වයක් ගෙන ඇතැයි වාර්තා වේ.

මෑන් පවර් සේවකයින් ස්ථීර කර ගැනීමේ ජාතික මධ්‍යස්ථානය විසින් මෙම විරෝධතාවය ආරම්භ කර ඇතිඅතර මේ වනවිට එම සේවකයින් මුදල් අමාත්‍යාංශය වටකර ඇතැයිද පැවසේ.

මේ අතර අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයද අද විරෝධතාවයක් කොටුව දුම්රිය පොළ ඉදිරිපටින් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

මෙම විරෝධතා හේතුවෙන් කොළඹ, කොටුව ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්