එක්සත් ජනපද කොංග්රසය රුසියාවට එරෙහිව නව සම්බාධක සම්මත කර ඇති අතර එයට එරෙහිව නවදිල්ලි මෝදී පාලනය ඇමරිකානු තීරුබදු තර්ජන ප්රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වේ. රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% තීරු බද්ධක් පනවන බවට ට්රම්ප් පරිපාලනය මෙම සම්බාධක හරහා දැනුම් දී තිබේ. කෙසේවෙතත් දැඩි රුසියානු ගුවන් ප්රහාරවලට ලක්ව සිටින යුක්රේනය ඇමරිකානු සම්බාධක සම්බන්ධයෙන් සිය සතුට පල කර ඇත. මෙම නව නීතිය මගින් ට්රම්ප් ජනාධිපතිවරයාට තීරු බදු පැනවීමේ විධායක බලය ඍජුවම හිමි වී ඇති අතර ඉන්දියාව, චීනය ඇතුළු රටවල් 5කට එරෙහිව 100% දක්වා තීරු බදු පැනවීමට මෙමගින් ඔහුට හැකියාව ඇත.
ඒ අනුව 2026 සැප්තැම්බර් 16-17 රාත්රියේ එක්සත් ජනපදය රුසියාවට එරෙහිව නව සම්බාධක සම්මත කළේය. අගෝස්තු මාසයේ සෙනෙට් සභාවේ ඡන්දයෙන් පසුව, නියෝජිත මන්ත්රී මණ්ඩලය රුසියාවේ තෙල් වෙළඳාම සිදු කරන සෙවනැලි බල ඇණියට එරෙහිව ශක්තිමත් සම්බාධක ඇතුළත් නීති මෙහි සම්මත කර ඇත. ඇමරිකානු කොංග්රසයේ ඩිමොක්රටික් නීති සම්පාදකයින් ඩොනල්ඩ් ට්රම්ප්ට තීරුබදු මත තීරණ ගැනීමේ නිදහස් පාලනයක් ලබා දීමට අකමැති වූ බැවින්, මන්ත්රී මණ්ඩල ඡන්දයේ ප්රතිඵලය දිගු කලක් අවිනිශ්චිතව පැවතිණි. අවසානයේ කොංග්රස් සාමාජිකයින් 262 දෙනෙකුගේ සහය මත 159 දෙනෙකුට එරෙහිව ද සම්මත කරන ලද මෙම පනත් කෙටුම්පත සම්මත වී ඇති අතර එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් අත්සන් කළ යුතුව ඇත.
2025 ජනවාරි මාසයේදී රිපබ්ලිකන් ජනාධිපතිවරයා නැවත බලයට පත්වීමෙන් පසු රුසියාවට එරෙහිව එක්සත් ජනපද කොන්ග්රසය විසින් ගන්නා ලද පළමු ප්රධාන ක්රියාමාර්ගය මෙය වේ. එක්සත් ජනපද කොන්ග්රසය විසින් සම්මත කරන ලද සම්බාධක පුද්ගලයන්, ආයතන සහ විශේෂයෙන් රුසියානු බලශක්ති අංශය ඉලක්ක කර ඇත. යුක්රේනය සමඟ යුද්ධය නොතකා තම භාණ්ඩ ප්රවාහනය දිගටම කරගෙන යන රුසියානු තෙල් නෞකා වන වන පුටීන් ගේ “භූත බලඇණිය” විශේෂ යෙන් මෙම සම්බාධක මගින් ඉලක්ක කර ඇත.
රුසියානු ගෑස් සහ තෙල් ආනයනය කරන රටවලට 100% දක්වා තීරුබදු පැනවීමට මෙම පනත් කෙටුම්පත ප්රධාන වශයෙන් ඩොනල්ඩ් ට්රම්ප්ට බලය පවරයි. මෙම රටවල් අතරට චීනය සහ ඉන්දියාව ඇතුළත් වේ. යුක්රේනයට සහය පල කරන බටහිර විසින් පනවා ඇති වර්ජනයන් හේතුවෙන් රුසියාවේ තෙල් අපනයනය මේ වන විට චීනය සහ ඉන්දියාව මගින් සිදුවේ.
ට්රම්ප් ගේ මෙම නව තීරු බදු ප්රතිපත්තියට එරෙහිව නවදිල්ලි මෝදී පාලනය මෙම බ්රහස්පතින්දා උදෑසන ප්රතිචාර දැක්වීය.
“ඉන්දියානුවන් බිලියන 1.4 ක අවශ්යතාවය වෙනුවෙන් අපි අපගේ තෙල් ප්රභවයන් දිගටම ලබා ගන්නෙමු. එසේම අපගේ බල ශක්ති ප්රභවයන් විවිධාංගීකරණය කරන්නෙමු සහ වෙළඳ පල වර්ධනයන්ට ද අනුවර්තනය වන්නෙමු.” යයි ඉන්දියානු නිවේදනයේ සඳහන් වේ.
ජාත්යන්තර මුලාශ්ර පෙන්වා දෙන්නේ ජූලි මාසයේදී, ඉන්දියාව දිනකට රුසියානු බොරතෙල් බැරල් මිලියන 2.8 ක් මිලදී ගෙන ඇත. පසුගිය මාසයේ, එම පරිමාව බැරල් මිලියන 2.1 දක්වා පහත වැටුණි. ඩොනල්ඩ් ට්රම්ප්ගේ මාස 18ක වෙළඳ තර්ජනවලින් පසු ඉන්දීය විදේශ අමාත්යාංශය සිය ප්රකාශයේ දී තම ජනතාවගේ ප්රමුඛතාවය නැවත අවධාරණය කර ඇත. එක්සත් අරාබි එමීර් රාජ්යයට සහ සෞදි අරාබියට වඩා බොහෝ ඉදිරියෙන්, රුසියාව ඉන්දියාවේ ප්රධාන තෙල් සැපයුම්කරු ලෙස සිටි.
පසුගිය මාසවලදී ඇමරිකානුවන් සමඟ මෙම ගැටළුව ඉහළ මට්ටමකින් සාකච්ඡා කර ඇති බව නවදිල්ලිය ද අවධාරණය කර සිටි. එහිදී ඉන්දියාවට එරෙහිව එක්සත් ජනපද තීරුබදු සම්බාධක ගෝලීය බලශක්ති වෙළඳපොළ සහ දෙරට අතර සම්බන්ධතා කඩාකප්පල් කරන බවට ඉන්දීය බලධාරීන් පෙන්වා දී ඇත. රුසියාව ඉන්දියාවේ වැදගත්ම උපායමාර්ගික සහ මිලිටරි හවුල්කරුවෙකු ලෙස පවතින අතර, පුටින් පාලනය ආර්ථික වශයෙන් හුදකලා කිරීමට වොෂින්ටනය දරන උත්සාහයන් ඉන්දියාවේ මෙම ස්ථාවරය හේතුවෙන් අවුල් කරනු ඇතැයි ද පැවසේ.
පසුගිය සතියේ යුරෝපා සංගමය ද රුසියාවට එරෙහි සම්බාධක අලුත් කිරීම සතියකට කල් දමනු ලැබ ඇත. මෙය යුක්රේන ජනාධිපතිවරයා කෝපයට පත් කර ඇති අතර මෙම කල් දැමීම පිටුපස රාජතාන්ත්රික හේතුවක් මත ප්රංශය සිටින බවට යුරෝපා මාධ්ය වාර්තා කර සිටි. එසේම දිගින් දිගටම ඇදී යන රුසියානු-යුක්රේන යුද්ධය හේතුවෙන් තෙල් හා ගෑස් මිල ඉහල ගොස් ඇති අතර යුරෝපා සංගමය තුල රුසියාවට සහය දෙන අන්ත දක්ෂිණාංශික පක්ෂ ද හිස ඔසවමින් සිටින බවද වාර්තා වේ. ඒ අතර ප්රංශයේ හා ජර්මනියේ අන්ත දක්ෂිණාංශික ජාතිවාදී පක්ෂ ඉදිර්යෙන් සිටින අතර ඔවුන් දැනටමත් යුක්රේනයට සහය නොදෙන ලෙස ඉල්ලා සිටිනුයේ මැතිවරණ ද සමීප වෙමින් පවතින පරිසරයක වේ.
මේ අතර එක්සත් ජනපද කොන්ග්රසය විසින් අනුමත කරන ලද නව සම්බාධක, යුක්රේනයේ යුද්ධයට විසඳුමක් සෙවීම සඳහා ඇමරිකාව විසින් සිදු කරන රාජ්ය තාන්ත්රික උත්සාහයන් “සංකීර්ණ” හා අවුල් කරනු ඇති බවට බ්රහස්පතින්දා රුසියාව අනතුරු ඇඟවීය.











