රටම අවධානය යොමු කළ යුතු බරපතළ තත්වය ගැන අලුත් සංඛ්‍යා මෙන්න

රටම අවධානය යොමු කළ යුතු බරපතළ තත්වය ගැන අලුත් සංඛ්‍යා මෙන්න

රට තුළ දිනකට සිදුවන රථ වාහන අනතුරුවලින් මිනිස් ජීවිත 07 හෝ 08ක් අහිමි වන තත්වයක් තුළ රටේ වාහන ගහනය ලක්ෂ 85 ඉක්මවා ගොස් තිබේ.

පසුගිය මැයි 30 දින වනවිට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමස්ත වාහන සංඛ්‍යාව 8,542,000 ඉක්මවා ගොස් තිබිණි. ඒ අතර, මෝටර් සයිකල් ලක්ෂ 49ක් වී තිබීම විශේෂත්වයකි. ත්‍රී රෝද රථ සංඛ්‍යාව 1,185,000 ඉක්මවා තිබේ. මේ අතරින් ප්‍රධාන මාර්ග 5ක් ඔස්සේ කොළඹ නගරයට දෛනිකව රථ වාහන ලක්ෂ 5කට අධික ප්‍රමාණයක් පිවිසෙන බව ද සොයා ගෙන ඇත.

පසුගිය ජනවාරි මාසයේ දී පොලිසිය විසින් මාර්ග නීති අකුරට ම ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ අතර, එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වූ කාලය තුළ රථ වාහන අනතුරුවලින් දිනකට මිය ගිය සංඛ්‍යාව 2ක් දක්වා අති විශාල ලෙසින් පහත වැටිණි. නමුත් විරුද්ධ පක්ෂ සහ පුද්ගලික බස් රථ සංගම් පොලිසියට එල්ල කළ දැඩි විරෝධය හමුවේ එම ක්‍රියාමාර්ගය තාවකාලිකව ඉවත් කර ගැනීමට සිදු විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්