මහ ඇමති ඇතුළු උතුරුමැද ඉහළ නිලධාරීන් අධිකරණයට කැඳවයි

උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයටත් එම පළාත් ආණ්ඩුකාරවරයාට සහ පළාත් ප්‍රධාන ලේකම්වරයා ඇතුළු සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ටත් අද (31) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස උතුරු මැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ විසින් නියෝග කර තිබේ.

රජයේ සහ උතුරු මැද පළාත් සභාවේ ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝණය කරමින් රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත් දේශපාලන හිතවතුන්ට අයථා ලෙස ලබාදෙමින් උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සහ සෙසු නිලධාරීන් රජයේ මුදල් අවභාවිත කරන බවට එම  අධිකරණයේ ගොණු කර ඇති පෙත්සමට අදාළව පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුමපටබැඳිගේ මහතා අදාළ නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ. 

පෙත්සමෙන් දක්වා ඇත්තේ වගඋත්තරකරුවන්ගේ වංචනික ක්‍රියා වැළැක්වීම සඳහා මධ්‍යම රජය විසින් චක්‍රලේඛ ගණනාවක් ඉදිරිපත් කර ඇතත් නීතිමය තත්ත්වයන් නොසලකා හරිමින් වගඋත්තරකරුවන් කටයුතු කරන බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්