ජනපතිට අපහාස කළ නඩුවේ උදෘත ගොනුව තවමත් නීතිපති ලඟ

ජනපතිවරණ සමයේ එවකට පොදු අපේක්ෂක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අපහාසයක් වන පරිදි බාලවයස්කාර දරුවකු යොදා ගනිමින් රූපවාහිනී දැන්වීමක් ප්‍රචාරය කිරීම හා ව්‍යාජ ලෙස ප්‍රවෘත්ති මැවීම සම්බන්ධයෙන් එවකට ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක සුදර්මන් රදළියගොඩ ඇතුළු සැකකරුවන් 12 ඊයේ (30) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි තිබේ. 

අදාළ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ රජයේ නීතිඥ වරුණි හෙට්ටිගේ මහත්මිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි එස්. අමරසේකර මෙනවිය හමුවේ සඳහන් කර ඇත්තේ  තවමත් නඩුවේ උදෘත ගොනුව නීතිපතිවරයා අධ්‍යයනය කරමින් සිටින බවය.

Crying Son from Gossip Lanka News on Vimeo.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්