එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සිටින මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කරන මන්ත්රීවරු විසින් අද (30) පැවැත්වීමට සූදානම් කර තිබූ මාධ්ය හමුවට සහභාගීවීම එම පිලේ මන්ත්රීවරු විසින් මග හැර යාම හේතුවෙන් එය ආරම්භ කිරීමට පැයකුත් විනාඩ් 15ක් ගත වී තිබේ.
මාධ්ය හමුව ආරම්භ කිරීම සඳහා උදය ගම්මපිල මහතා පමණක් සිට ඇති අතර ඔහු ආරම්භයේදීම පවසා ඇත්තේ ප්රවෘත්ති හිඟයක් පවතින බවට ඇතැම් මාධ්යවේදීන් දුරකතන ඇමතුම් ලබාදුන් නිසා මාධ්ය හමුවක් සංවිධානය කළ බවත් ඩලස් අලහප්පෙරුම මහතා හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් මාධ්ය සාකච්ඡාව පැවැත්වීමට ප්රමාද වූ බවත්ය.
මාධ්ය හමුව සඳහා මන්ත්රීවරුන් සම්බන්ධ කරගැනීම පිළිබඳ ගැටලුවක් ඇති වූයේ අනෙකුත් මන්ත්රීවරුන් බොහොමයක් නිවාඩු සතියේ කොළඹින් බැහැරව ගොස් සිටින නිසා බව ද ඔහු එහිදී පවසා තිබේ.
සන්ධානයේත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේත් මන්ත්රීවරුන්ගේන් 58දෙනෙකුම තමන් සමග සිටින බව පවසන මහින්ද පිලට මාධ්ය හමුවක් පැවැත්වීම සඳහා මන්ත්රීවරයෙකු සහභාගීකරවා ගැනීමට නොහැකි තත්වයකට ඇදවැටී ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.
එමෙන්ම ඔවුන්ට තමන්ගේම ස්වාධීන මතයක් නැති බවත් මාධ්ය ආයතනවල ප්රවෘත්ති හිගය පියවීම සඳහා මාධ්ය සාකච්ඡා පවත්වන තැනට ඇද වැටී ඇති බවත් ඔවූහු පෙන්වා දෙති.
තනිවම හෝ මාධ්ය හමුව පවත්වන්නැයි මාධ්යවේදීන් කළ ඉල්ලීම අනුව අවසානයේ උදය ගම්මන්පිල මහතා මෙම මාධ්ය හමුව පවත්වා ඇති අතර එය ආරම්භ වී මද වේලාවකින් ප්රසන්න රණවීර මන්ත්රීවරයාද ඊට එක් වී තිබේ.
කෙසේ නමුත් ගාමිනී ලොකුගේ, වාසුදේව නානායක්කාර, ප්රසන්න රණතුංග, විමල් වීරවංස, බන්දුල ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, පවිත්රා වන්නිආරච්චි, ප්රේමලාල් ජයසේකර, සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්රනාන්දු වැනි ඉතා සෘජුවම මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින කිසිවෙකු අද දිනයේ පෙනී නොසිටීම විශේෂත්වයකි.









