සංගා – මහේලගේ සමාගමට තහනමක්!

ස්පාඤ්ඤ ජාතික පෝප් ගායක එන්රිකේ ගෙන්වා පසුගියදා කොළඹ CR&FC ක්‍රීඩාංගනයේ සංගීත ප්‍රසංගයක් පැවැත්වූ LIVE EVENTS සමාගම අසාදු ලේඛන ගත කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කළ බව එහි නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා අද (30) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ  කර තිබේ.

කුමර් සංගක්කාරට හා මහේල ජයවර්ධන යන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් දෙදෙනාට අයත් මෙම සමාගම මගින් ප්‍රසංගය සංවිධානය කර තබෙන අතර එහිදී කොළඹ මහ නගර සභාවට ලැබිය යුතු රුපියල් මිලියන 29ක බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව නගරාධිපතිවරයා පවසයි.

අදාළ මුදල ගෙවන තුරු මෙම සමාගමට කිසිදු ක්‍රියාකාරකමක් කොළඹ නගරසභා සීමාව තුළ පැවැත්වීමට නොදෙන බව නගරාධිපතිවරයා පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්