තහනම් නියෝග නොතකා සභා රැස්වීමට පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්රාදේශීය සභා මන්ත්රී චමින්ද සම්පත් දිසානායක මහතා මිහින්තලේ ප්රාදේශීය සභාවෙන් ඉවත් කිරීමට නොහැකි වූ නිසා දින නියමයක් නැතිව සභාව කල් තැබීමට මූලාසනයේ සිට සභාපති යූ.බී. සිරිසේන මහතාට සිදුවී ඇත.
එම මන්ත්රීවරයා රැස්වීමෙන් ඉවත් නොවූ හෙයින් සභාපතිවරයා පොලිසිය කැඳැවීය. එහෙත් පොලිසිය සභා ගැබට නොපැමිණිය බැවින් ඉන්පසු ඔහුය ඉවත්කරන ලෙස ලේකම් එස්.එම්.බී. අනුර කුමාර මහතාට නියෝග කර තිබේ. ඔහුට ද මන්ත්රීවරයා ඉවත් කිරීමට නොහැකි විය. අනතුරුව සභාපති අද (31) පස්වරු 12.30ට සභාවරැස්වීම කල් තබා ඇත.
ආශ්රිත පුවත්









