ප්රජාතන්ත්රවාදය සඳහා ජනතා ව්යාපාරය විසින් සංවිධානය කරනු ලැබ දිවයින පුරා අත්සන් ගනු ලබන දෝෂාභියෝගයට එරෙහි ජනතා පෙත්සම අද (31) පෙරවරුවේ මාතර ප්රධාන බස්නැතුම් පොළ ඉදිරිපිටදීද පවත්වා ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ දකුණුපළාත් සභා මන්ත්රී නීතීඥ ජයන්ත පතිරණ මහතාගේ ප්රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට මාතර නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත මහතාද සහභාගී වී තිබේ.
මාතර දිසා ධිකරණයේ සහ මහේෂත්රාත් අධිකරයෙ නීතීඥයන් ඇතුළු විශාල පිරිසක් මෙම පෙත්සමට අත්සන් තබා ඇත.
සාමාන්ය ජනතාවද ඉතා උනන්දුවෙන් මෙම අවස්ථාවට සහයෝගය දක්වා තිබේ.


















