වැලිකඩ බන්ධනාගාරයේ ඊයේ (09) ඇතිවූ සිදුවීම අතරතුරදී පැනගිය රැඳවියන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් රැදවියන් සිව් දෙනෙකු යළි බන්ධනාගාරය වෙත පැමිණ තිබේ.
ගිනි අවි රැගෙන කිසිදු රැඳවියෙකු පැනගිය බවට තවමත් සාධක ලැබී නොමැති බව බන්ධනාගාර නිලධාරීහු පවසති.
රැඳවියන් විසින් පැහැර ගන්නා ලද තවත් ගිනි අවි 05 ක් පමණ සොයා ගැනීම සඳහා ආරක්ෂක අංශ තවදුරටත් මෙහෙයුම් දියත් කර තිබේ.
මේ අතර බේස්ලයින් මාර්ගයේ දෙමටගොඩ සිට බොරැල්ල දක්වා මංතීරුව තවදුරටත් වසා ඇති අතර එම මාර්ගයේ බොරැල්ල සිට දෙමටගොඩ දක්වා මංතීරුව වාහන ගමනා ගමනය සඳහා විවෘතව ඇත.
කෙසේ වෙතත් මේ වන විට බන්ධනාගාරය අවට ප්රදේශයේ තත්ත්වය සාමකාමී වී තිබේ.
ආශ්රිත පුවත්









