පාස්කු ප්රහාරයට සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින හයාදු මොහොම්මදු අහමඩ් මිල්හාන් නැමති සැකකරු හෙලිකළ තොරතුරු අනුව පුපුරණ ද්රව්ය, පතොරම් ඇතුළු භාණ්ඩ තොගයක් කාත්තන්කුඩි ප්රදේශයේ සඟවා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබේ.
අප්රේල් 21 ප්රහාරය සම්බන්ධයෙන් ත්රස්තවාදී කණ්ඩායමේ සැකකරුවෙකු වන පසුගිය දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ජෙඩා සිට මෙරටට රැගෙන පැමිණි මෙම පුද්ගලයා ඇතුළු පිරිස තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා තබා ගනිමින් ප්රශ්න කිරීම් සිදු කරයි.
සැකකරුගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී කාත්තන්කුඩි පොලිස් වසමේ ඔල්ලිකුලම් ප්රදේශයේ වල දමා තිබියදී ජෙලට්නයිට් කූරු 300 කට අධික ප්රමාණයක්, ඩෙටනේටර් 1000 ක්, ද්රව ජෙලට්නයිට් ලීටර් 8 ක්, ඩෙටනේටින් වයර් හා ටී 56 සජීව පතරොම් 475 ක් ඇතුළු තවත් භාණ්ඩ කීපයක් සොයා ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.










