ඊයේ(27) මධ්යම රාත්රියේ සිට දුම්රිය සේවක වෘත්තීය සමිති කිහිපයක් පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ක්රියාත්මක කර තිබේ.
වැටුප් විශමතා අර්බුධය විසඳීමට මුදල් අමාත්යාංශය පියවර ගන්නා තුරු සෑම බ්රහස්පතින්දා දිනකම මධ්යම රාත්රියේ සිට පැය 24ක් වර්ජනයේ නිරතවන බවට දුම්රිය සේවකයින් පසුගිය දා තීරණය කර තිබිණි.
දුම්රිය වෘත්තීය සමිති පවසා සිටින්නේ වැටුප් විශමතා අර්බුධය විසඳීමට කැබිනට් අනුමැතිය ලැබී තිබුණ ද මුදල් අමාත්යාංශය ඊට අදාල ක්රියාමාර්ග ගැනීම පැහැර හැර ඇති බවය.
දුම්රිය සේවය අත්යාවශ්ය සේවයක් බවට පත් කරමින් ඊයේ දින ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබූ අතර ප්රවාහන රාජ්ය අමාත්ය අශෝක් අබේසිංහ මහතා පවසා සිටියේ ඉන් පසු වර්ජනයේ නිරතවන සේවකයන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනීමේ හැකියාව පවතින බවය.










