(වීඩියෝ සහිතයි) තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත ජනමාධ්ය අමාත්ය ගයන්ත කරුණාතිලක මහතා විසින් අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
මෙහි විවාදය දෙවන වර කියවීමෙන් පසු හෙට දිනයේ සිදු කිරීමට නියමිත ය.
මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ සියලුම පළාත් සභා මගින් සම්මත කරනු ලැබීමෙන් පසුව බවත් පළාත් සභා කිහිපයකින් සංශෝධන ඉදිරිපත්ව ඇති බවත් කතානායක කරූ ජයසූරිය මහතා ප්රකාශ කළ අතර පළාත් සභාවලින් ඉදිරිපත් වූ එම සංශෝධන සභාගත කරන ලෙස විපක්ෂයේ ප්රධාන සංවිධායක ජවිපෙ නායක අනුර දිසානායක මහතා කතා නායකවරයාට යෝජනාවක් කළේ ය.
අදාළ පනත සම්බන්ධයෙන් සමාජය තුළ කථිකාවක් ගොඩ නැගීමට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් ආණ්ඩුවට වියතුන්ගෙන් චෝදනා එල්ලවී තිබේ.
https://www.youtube.com/watch?v=7ZBAfrOq46U&feature=youtu.be









