ජවිපෙ ‘අපේ දැක්ම’ අස්ගිරි පාර්ශවයේ මහා නායකහිමියන්ට

ජනතා විමුක්ති පෙරමුණේ 07වෙනි ජාතික මහ සමුළුව විසින් සම්මත කරන ලද ‘අපේ දැක්ම’ ප‍්‍රතිපත්ති මාලාව අස්ගිරි පාර්ශවයේ මහා නායකහිමියන් වෙත පිළිගැන්වීම ජ.වි.පෙ නායක අනුර දිසානායක මහතාගේ සහ දේශපාලන මණ්ඩල සභික සෝමවංශ අමරසිංහ මහතාගේ සහභාගිත්වයෙන් මහනුවරදී සිදුකෙණි.

එහිදී කැසිනෝ සූදු සහිත හෝටල් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ඉතා වංචාකාරි ලෙස වචන වෙනස් කරමින් ආණ්ඩුව ගැසට් නිවේදනය නිකුත් කළ ආකාරය ගැන අනුර දිසානායක මහතා මහා නායක හිමිපානන් දැනුවත් කර ඇති අතර තමන් වහන්සේ කැසිනෝ සහ සූදු සම්බන්ධයෙන් සිදුවන කටයුතු දෙස අවධානයෙන් සිටින බවත් මහා නායක හිමියන් අනුර දිසානායක මහතා ඇතුළු පිරිසට පවසා තිබේ.

එමෙන්ම උන්වහන්සේ, ජවිපෙ නව වෙනස්කම් සහ නව ගමන පිළිබඳවත් ජවිපෙ ජනතා ප්‍රශ්න හමුවේ කටයුතු කරන ආකාරය පිළිබඳවත් ඉතා ප්‍රසන්සනීය ලෙස අගයකර ඇත.


Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්