චන්ද්‍රිකා-මනෝ සංහිඳියාව බිඳගනියි

හිටපු ජනාධිපතිනියගේ සභාපතිත්වයෙන් යුතු ජාතික සමගිය සහා සංහිඳියාව සඳහා වූ කාර්යාලය තම අමාත්‍යංශ කටයුතුවලට දිගින් දිගටම ඇඟිලි ගසමින් සිටින බවත් ජාතික සංහිඳියාව ගොඩනැගීමේ ක්‍රියාවලියේදී තමා නොතකා කටයුතු කරන්නේ නම් ඇමැතිකමින් අස් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වීමට තමා සූදානම් බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

මේ සියල්ල ඉවසා සිටීමට තමා “පඹයෙකු” නොවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. 

තම අමාත්‍යංශය තිබියදී ජාතික සංහිඳියාවට වෙනම කාර්යාලයක් අවශ්‍ය නැති බවත් මේ සම්බන්ධයෙන් මැදිහත් වී කඩිනම් පියවරක් ගන්නැයි තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් අමාතයවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්