කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරේ

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරේ

සූර්ය බලශක්තිය මගින් ලැබෙන විදුලි ධාරිතාව අපේක්ෂිත ප්‍රමාණයට වඩා ඉහළ යාම හේතුවෙන් පද්ධතියේ සමතුලිතතාව ආරක්ෂා කිරීම සඳහා ප්‍රදේශ රැසක විදුලි බලය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

පස්වරු 3න් පසු එම ප්‍රදේශවල විදුලිය සැපයුම යථා තත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව බලශක්ති ඇමති අනුර කරුණාතිලක පවසයි.

මෙහිදී බලශක්ති ඇමති අනුර කරුණාතිලක වැඩිදුරටත් සඳහන් කර සිටියේ, අද දිනයේ පවතින අඩු විදුලි ඉල්ලුම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට ගැනීමට සිදුවූ බවය.

විදුලි ඉල්ලුම අඩුවීමත් සමග පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාම සඳහා වහලය මත සවිකර ඇති සූර්ය පැනල අද (30) ප.ව. 3 තෙක් ක්‍රියා විරහිත කර තබන ලෙස නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගමද සූර්ය පැනල හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්