ඉකුත් ජූලි 29 වන දින පිටකොටුව, බැස්ටියන් මාවත පුද්ගලික බස් නැවතුම්පළේ ගමන් බෑගයක තිබී හමු වූ මළ සිරුරට සම්බන්ධ ඝාතනයේ ප්රධාන සැකකරු කොළඹ, අපරාධ කොට්ඨාසය විසින් මන්නාරම කෝවිල්කුලම් ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු යාපනය, නල්ලූර් ප්රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියි.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කරමින් ඇති බවත්, වැඩිදුර විමර්ශන සිදුකෙරෙන බවත් හෙතෙම සඳහන් කළේය.
ආශ්රිත පුවත්









