ජවිපෙට මඩ ගහන්න ව්‍යාජ ෆේස්බුක් ගිණුමක්

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සිදුවන මෙම කාල වකවානුව තුළ කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයට අපහාස කිරීමේ අරමුණින් ෆේස්බුක් වෙබ් පිටුවක් පවත්වා ගෙන යමින් තිබෙන බවත් එහි පක්ෂයේ ලිපි ශිර්ෂ ලෙස හැඟෙන ආකාරයට ව්‍යාජ ලෙස සකසන ලද ලිපි ශිර්ෂවල ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා පල කර ඇති බැවින් ඊට එරෙහිව නීතිය ක්‍රියාමත්මක කරන ලෙස ඉල්ලා අද (05) ජනතා විමුක්ති පෙරමුණ විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.

එම ෆේස්බුක් ගිණුමට මුදල් ගෙවා ජවිපෙ සම්බන්ධ වැරදි තොරතුරු සමාජජාල වෙබ් අඩවි පවත්වාගෙන යන පුද්ගලයන් අතර පතුරවමින් සිටින බවද මේ වනවිට අනාවරණය වී ඇත.

එම පැමිණිල්ල පහතින් පල වේ



Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්