එස්.බී. වෙනුවට එස්.බී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා ‍එක්සත් ජාතික පක්ෂයට එක්වීමත් සමග එහි පුරප්පාඩු වූ තනතුර සඳහා හිටපු ඇමැති එස්.බී. දිසානායක මහතා පත්කර ඇතැයි එම පක්ෂ ආරංචි කියයි.

එස්.බී. දිසානායක මහතා මහනුවර දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරග කළද පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් සඳහා සුදුසුකම් ලබාගැනීමට ඔහු නොහැකි විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්