ඕස්ට්රේලියා ජාතිකයකු හා එක්ව උදය ගම්මන්පිල සහ තවත් දෙදෙනකු 2004/2005දී ආරම්භ කළ බව කියන “මෙට්ල් රීසයිකල් කලම්බු ප්රයිවට් ලිමිටඩ්” නම් සමාගමෙන් ඩොලර් ලක්ෂයක (රුපියල් ලක්ෂ 132) මුදලක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මේ වනවිට ගම්මන්පිලගෙන් ප්රශ්න කරමින් සිටී.
මෙම සමාගමෙන් ඕස්ට්රේලියානු ජාතිකයාට මරණ තර්ජනයක් ඇතැයි පවසීමෙන් පසුව ඔහු ඇටර්නි බලපත්රයක් මගින් සමාගමේ ගනුදෙනු ගම්මන්පිලට පවරා ඇතැයිද කොටස් වංචාව සිදුවී ඇත්තේ ඉන්පසුව යැයිද මෑතදී ශ්රී ලංකාවට පැමිණි ඕස්ට්රේලියා ජාතිකයා පොලිසියට පැමිණිලි කර ඇත.
පොලිස් විශේෂ විමර්ශන ඒකකය මීට කලින් නීතිඥයකුගෙන්ද ප්රශ්න කර තිබූ අතර එම මූල්ය වංචාව පිළි බඳ දන්නා තවත් පුද්ගලයෙකු පසුගියදා මාධ්ය හමුවක් පවත්වමින් තහවුරු කර සිටියේද උදය ගම්මන්පිල මෙම වංචාව සිදු කළ බවයි.









