ජාතික රජයකට ශ්‍රීලනිපය එකඟවෙයි

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව එහි සභාපති මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද (20) රැස්වූ අවස්ථාවේ, එක්සත් ජාතික පක්ෂය සමග ජාතික රජයක් බිහි කිරීම සඳහා අනුමැතිය දුන් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ ගැන තවදුරටත් ක්‍රියා කිරීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනියගේ ප්‍රධානත්වයෙන් නිමල් සිරිපාලද සිල්වා, සුසිල් ප්‍රේමජයන්, එස්.බී. දිසානායක, සරත් අමුණුගම, මහින්ද සමරසිංහ යන අයගෙන් සැදුම් ලත් කමිටුවක්ද පත් කරනු ලැබ තිබේ.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමක් සඳහා පැමිණීම විශේෂ සිදුවීමක වන අතර ඇය එයට සහභාගී වී ඇත්තේ වසර 10කට පසුව බවද පැවසේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්